අලවතුගොඩ තරුණියගේ මරණය ගැන තවත් තොරතුරක් හෙළිවෙයි

අලවතුගොඩ ප්‍රදේශයේ කුඹුරක තිබී හමු වූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

26 හැවිරිදි තරුණිය දූෂණය කර ඝාතනය කර ඇති බවටයි පොලිසිය වැඩිදුරටත් සිදු කළ විමර්ශනවලදී හෙළිදරව් වී ඇත්තේ.

ඇය ඝාතනය කර ඇත්තේ පසුගිය 10 වනදා රාත්‍රී 9.30ට පමණ බවට අනාවරණ වී තිබෙනවා.

මෙම ඝාතනයට අදාළව සැකපිට ආබාධිත හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු විසින් ඝාතනය සිදු කර අත් ද යන්න තහවුරු කරගැනීම සඳහා ඔහුගේ DNA සාම්පල සහ මියගිය කාන්තාවගේ සිරුරෙන් ලබාගත් DNA සාම්පල පරීක්ෂණ සඳහා යොමුකර ඇතැයි සඳහන්.

සැකකාර හමුදා සෙබළා අත්අඩංගුවට ගැනුණේ ඔහුගේ නිවස පොලිස් නිල සුනඛ ‘ඒගර්’ විසින් හඳුනා ගැනීමත් සමගයි.

අදාළ හමුදා සෙබළාගේ නියපොතු සහ සරමක ඒවන විටත් මඩ තැවරී තිබීම හේතුවෙන් පොලිසියේ සැකය ඔහු වෙත යොමුවී තිබුණ ද ඔහු චෝදනා ප්‍රතික්ෂේප කර ඇතැයි සඳහන්.

සැකකරු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

තරුණ කාන්තාවගේ සිරුර කුඹරට දමා ඒ මත සිටවා තිබූ ගොයම් පැළ දෙකක් පොලිස් නිල සුනඛයාට ඉව කිරීමට සැලැස්වීමෙන් අනතුරුව නිල සුනඛයා ගමන් ගත් මාර්ගය ඔස්සේ ගොස් පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

එම ගොයම් පැළ ඉව කළ සුනඛයා කිලෝමීටර් 3ක් පමණ දුරකින් පිහිටි සැකකරුගේ නිවසට ගොස් තිබෙනවා.

මෙම තරුණිය නිවසේ නොමැති බවට සැමියා විසින් ඇයගේ මවට කළ දැනුම්දීමක් අනුව කළ සොයා බැලීමකදීයි සිරුර කුඹුරේ තිබී සොයා ගැණුනේ.

සිද්ධියට අදාළව ආබාධිත හමුදා සෙබලා අත්අඩංගුවට ගැනීමට පෙර පොලිසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් තරුණියගේ සැමියා සම්බන්ධයෙන් ද සැක කර ඔහුගෙන් ප්‍රශ්න කර තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි විවාහකයෙකු වන අතර ඔහු යුද හමුදාවේ සේවය කරමින් සිටියදී වෙඩි වැදී ඇතිවූ තුවාල හේතුවෙන් යුද හමුදාවේ ලිපිකරු රාජකාරිවල නිරතව සිටින අයෙකු බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වුණා.

ඝාතනයට ලක් වූ කාන්තාව සමඟ සබඳතාවක් ඇති කර ගැනීමට සැකකරු කිහිප වතාවක්ම උත්සාහ දරා ඇති බවටයි හෙළිවී තිබුණේ.

සැකකරු විවිධ ස්ථානවලට පැමිණෙන ලෙස බලකරමින් තරුණියට කෙටි පණිවුඩ යවා දුරකථන ඇමතුම් ලබාදී ඇති බව ද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මීට මාසයකට පමණ පෙර සැකකරු මෙම තරුණියට තවදුරටත් කරදර නොකරන බවට පොරොන්දු වී ඇයගෙන් සමාව ඉල්ලා ඇතැයි ද සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04