හොර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම රඳා පවතින්නේ එක්සත් ජනපදය විසින් “ඉරානයේ කොන්දේසි සම්පූර්ණයෙන් පිළිගැනීම” මත මිස ඕමානය සමඟ පවතින ගිවිසුම මත නොවන බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසනවා.
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රකාශක සාර්දාර් මොහෙබි ප්‍රකාශ කළ බව ඉරාන රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සිය වන ‘ටස්නිම්’ (Tasnim) වාර්තා කරනවා.
“අපට නම්, හොර්මුස් සමුද්‍ර සන්ධිය හුදෙක් ආර්ථිකමය ජල මාර්ගයක් පමණක් නොව, භූගෝලීය සහ උපායමාර්ගික බලයේ අංගයකි,” යනුවෙන් මොහෙබි ප්‍රකාශ කර තිබෙනවා.
එම ජල මාර්ගය විවෘත කිරීම එක්සත් ජනපදය විසින් “ඉරානයේ කොන්දේසි සම්පූර්ණයෙන් පිළිගැනීම සහ කලාපීය සාකච්ඡාවලට මැදිහත් වීම නැවැත්වීම” මත රඳා පවතින බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටි බව එම වාර්තාවේ සඳහන්.
“එක්සත් ජනපදය ඉරානයේ කොන්දේසි පිළිගන්නා ඕනෑම අවස්ථාවක හොර්මුස් සමුද්‍ර සන්ධිය අනිවාර්යයෙන්ම විවෘත වනු ඇත,” යැයි ද ඔහු පවසා තිබෙනවා.













