අප්‍රිකානු කලාපයේ චීන සමාගම් වෙතින් දේශීය සේවකයින්ට හිරිහැර

චීනය අප්‍රිකානු කලාපවල යටිතල පහසුකම් ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කර ඇති අතර එම චීන ව්‍යාපෘතිවල කළමනාකරුවන් විසින් දේශීය සේවකයින්ට පහර දීම සහ අපයෝජනය කිරීම වැනි සිදුවීම් බහුලව වාර්තා වන බව ජිනීවා ඩේලි  පුවත්පත වාර්තා කරනවා.

දේශීය කම්කරුවන්ට අයහපත් ලෙස සැලකීම, අපයෝජනය කිරීම, බලහත්කාරයෙන් දුෂ්කර කොන්දේසි යටතේ වැඩ කිරීමට සලස්වා කොන්ත්‍රාත්තුවේ වැටුපට වඩා අඩු වැටුප් ලබා දීම ආදිය ද මීට ඇතුළත්.

ඇතැම් සේවකයින්ට බොහෝ විට පැය ගණනක් වැඩ කිරීමට සලස්වා ශාරීරිකව පහරදීම් සිදු කරන බවටද අනාවරණය වී තිබෙනවා.

ඒ අතරින් එකක් වන්නේ මෑතක දී ටැන්සානියානු කාන්තාවකට චීන ජාතිකයකු විසින් පහර දීමේ සිදුවීමයි.

පසුගිය මාර්තු 18 වනදා මෙම සිදුවීම වාර්තා වූ අතර ලුසී පවුලෝ නමැති කාන්තාවට චීන ජාතිකයෙකු වන සෙන්ග්  යුආන්  ෆෙන්  විසින් පහර දීම සිදුකර තිබුණා.

ඇය උතුරු ටැන්සානියාවේ Mwanza ප්‍රදේශයේ ස්ටෑන්ඩර්ඩ් ගේජ් දුම්රිය මාර්ගයේ කෝකියෙකු ලෙස සේවය කර තිබූ අතර පහරදීමෙන් පසු බරපතල තුවාල ලබා සිටි බවයි ජිනීවා ඩේලි වාර්තා කළේ.

සිද්ධිය අනාවරණය වීමෙන් පසු චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන දුම්රිය පොලිස් ස්ථානයේ රඳවා තබා පසුව ඔහු මිසුන්ග්වි දිස්ත්‍රික් පොලිස් ස්ථානයට රැගෙන ගොස් තිබුණා.

කෙසේ වෙතත්, කරලියට පැමිණි එවැනි පළමු සිදුවීම එය නොවේ.

2022 සැප්තැම්බරයේ තවත් සිදුවීමකදී, සිම්බාබ්වේ හි චීනය විසින් පවත්වාගෙන යනු ලබන රන් ආකර සමාගමක් ද  කම්කරුවන්ට අයුතු ලෙස සැලකීමේ චෝදනාවට ලක් වුණා.

ජිනීවා ඩේලි පුවත්පතට අනුව, රාජකාරියේ යෙදී සිටියදී එහි කම්කරුවන්ට හොඳ ආහාර වේලක් හෝ නවාතැන් පහසුකම් ලබා දී නැහැ. කම්හලේ ඇති අන්තරායකර රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය නොවීම සඳහා ඔවුන්ට ආරක්ෂිත ආම්පන්න ද ලබා දී නැහැ.

කැනඩාව පදනම් කරගත් චින්තන පර්ෂදයක් වාර්තා කළේ අන්‍යෝන්‍ය සමෘද්ධිය පදනම් කරගත් චීන-අප්‍රිකා සන්ධාන මේ වනවිට මානව හිමිකම් උල්ලංඝනය, අයුක්තිය සහ සූරාකෑම ආදියට තුඩු දෙන ගැඹුරු මුල් බැසගත් වාර්ගික අගතීන්හි ගිලී ඇති බවයි.

බොහෝ සේවකයින් නිල කොන්ත්‍රාත්තුවක් නොමැතිව සේවය කරන අතර රැකියා පිළිබඳ සාක්ෂි පවා  නොමැති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් ඔවුන් අසාධාරණ ලෙස සේවයෙන් පහ කිරීම්වලට පවා  ගොදුරු වන බවද හෙළි වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56