Update – ජීවිත 04ක් බිලිගත් ඇල්ල වැවේ ඛේදවාචකය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

පොළොන්නරුව, අරලගංවිල ප්‍රදේශයේ පිහිටි ඇල්ල වැවේ දිය නෑමට ගිය සිව්දෙනෙක් වැවේ ගිලී අද (08) පෙරවරුවේ ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස ආවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වුණේ පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවන් තිදෙනෙක්.

මියගිය සිව්දෙනා අතර වයස අවුරුදු 13ක දැරියක් ද සිටින අතර, දැරියගේ මවද දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අරලගංවිල පොලිසිය සඳහන් කළේ.

රත්මලාන, බංගලාවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම පිරිස අද (08) අරලගංවිල ප්‍රදේශයේ පිහිටි සිය ඥාති නිවසකට පැමිණ තිබෙනවා.

අනතුරුව ඔවුන් සිව්දෙනා අද පෙරවරුවේ ඇල්ල වැවේ දිය නෑමට ගොස් ඇති අතර, පිරිමි පුද්ගලයා පළමුව දියේ ගිලී තිබෙනවා.

ඔහුව බේරාගැනීමට දැරිය සහ කාන්තාවන් දෙදෙනා වැවට පැන ඇති අතර එම අවස්ථාවේ ඔවුන් තිදෙනා ද දියේ ගිලී ඇති බවයි වාර්තා වුණේ.

එහිදී දෙදෙනෙක් බේරාගෙන දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔවුන් දෙදෙනා මියගොස් තිබෙනවා.

අනෙක් දෙදෙනා වැවෙන් ගොඩගන්නා අවස්ථාවේ දී මියගොස් සිටි බවයි අරලගංවිල පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57