උගන්ඩාවේ සෙරනිටි ගෘප් නමැති සමාගම ඊයේ (17) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබුණි.
එහි සඳහන් වන්නේ, ශ්රී ලංකා අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා තම සමාගම් සමූහයේ අමෙරිකානු ඩොලර් බිලියන 10ක් ආයෝජනය කර ඇති බවට විවිධ පාර්ශ්ව එල්ල කරන චෝදනා පදනම් විරහිත බවය.
එම චෝදනා කර ඇත්තේ නොමඟ ගිය පිරිසක් බවත්, සිය ආයතනයේ ආරම්භය සහ උගන්ඩා හා ශ්රී ලාංකික පුද්ගලික බැංකු ණය සමග ආයතනය ක්රමයෙන් දියුණු වූ ආකාරය එම චෝදනාකරන්නන් නොදන්නා බවත් එම නිවේදනයේ සඳහන්ය.

ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
16













