හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් හෙට පස්වරු 5ට අරලිය ගහ මන්දිරයේ විශේෂ සාකච්ජාවක් කැඳවීමට පියවර ගෙන ඇති බවට පුවත් පැතිර යමින් තිබෙනවා.
මෙම සාකච්ජාවට හිටපු පළාත් සභා මැතිඇමැතිවරුන්, නගර සභා, මහනගර සභා නගරාධිපතිවරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් කැඳවීමට පියවර ගෙන ඇති බවයි එහි සඳහන් වුණේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දැනගැනීමට අප නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාව සම්බන්ධ කරගත් අතර එහිදී ඔහු පැවසුවේ මෙය සාවද්‍ය පුවතක් බවත් එවැනි කිසිදු සූදානමක් නොමැති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3




