වසර 7කට පසු ජනාධිපති නිළ නිවසට පොලිස් බැරියර් දමා ආරක්ෂාව

වසර 7කට පසු කොටුව ජනාධිපති නිලනිවස අවට ප්‍රදේශය බැරියර් දමා වසා දැමීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව වාර්තා‌ වේ.
ජනාධිපතිවරයා ජනාධිපති නිල නිවසේ පදිංචියට පැමිණීමත් සමග මෙසේ ඒ අවට ප්‍රදේශය වසා දමා ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.
2015 වසරේ බලයට පැමිණි යහපාලන ආණ්ඩුව මෙම මාර්ග බාධක ඉවත් කොට එම ප්‍රදේශය සාමාන්‍ය මහජනයාට විවෘත කිරීමට පියවර ගෙන තිබිණ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙතෙක් සිය නිල රාජකාරී කටයුතු සිදු කළ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සතියක් පුරා දැවැන්ත ජන අරගල අඛණ්ඩව පැවැත්වෙන බැවින් තාවකාලිකව සියලු නිල රාජකාරී කොටුව පිහිටි ජනාධිපති නිල නිවෙසේ සිදු කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.
ඒ අනුව ජනපති මැදුරේ ඉහළ මාලයේ රැදීී සිටින ජනාධිපතිවරයා එහි පහත මාලයේ නිල රාජකාරි සියල්ලක්ම සිදු කරමින් සිටින බව දැනගන්නට ඇත.
ජනාධිපති කාර්ය මණ්ඩලයද මේ වනවටි ජනපති මැදුරේ පහත මාලයේ ස්ථානගතව ඒ ඒ රාජකාරීන් සිදු කරන බව දැනගන්නට තිබේ.
පසුගිය දිනෙක ශාන්ත බණ්ඩාර මහතා රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස දිව්රුම් දුන්නේද ජනපති මැදුරේදීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?