වසර 7කට පසු ජනාධිපති නිළ නිවසට පොලිස් බැරියර් දමා ආරක්ෂාව

වසර 7කට පසු කොටුව ජනාධිපති නිලනිවස අවට ප්‍රදේශය බැරියර් දමා වසා දැමීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව වාර්තා‌ වේ.
ජනාධිපතිවරයා ජනාධිපති නිල නිවසේ පදිංචියට පැමිණීමත් සමග මෙසේ ඒ අවට ප්‍රදේශය වසා දමා ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.
2015 වසරේ බලයට පැමිණි යහපාලන ආණ්ඩුව මෙම මාර්ග බාධක ඉවත් කොට එම ප්‍රදේශය සාමාන්‍ය මහජනයාට විවෘත කිරීමට පියවර ගෙන තිබිණ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙතෙක් සිය නිල රාජකාරී කටයුතු සිදු කළ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සතියක් පුරා දැවැන්ත ජන අරගල අඛණ්ඩව පැවැත්වෙන බැවින් තාවකාලිකව සියලු නිල රාජකාරී කොටුව පිහිටි ජනාධිපති නිල නිවෙසේ සිදු කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.
ඒ අනුව ජනපති මැදුරේ ඉහළ මාලයේ රැදීී සිටින ජනාධිපතිවරයා එහි පහත මාලයේ නිල රාජකාරි සියල්ලක්ම සිදු කරමින් සිටින බව දැනගන්නට ඇත.
ජනාධිපති කාර්ය මණ්ඩලයද මේ වනවටි ජනපති මැදුරේ පහත මාලයේ ස්ථානගතව ඒ ඒ රාජකාරීන් සිදු කරන බව දැනගන්නට තිබේ.
පසුගිය දිනෙක ශාන්ත බණ්ඩාර මහතා රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස දිව්රුම් දුන්නේද ජනපති මැදුරේදීය.

  1. ජනාධිපති මන්දිරය ගෘහනිර්මාණ දෝෂ සහිත නිසා ජ්‍යෝතිෂ්‍යවේදී උපදෙස් අනුව විධායක බලය නොමැති ලංකාවේ අන්තිම ජනාධිපති විලියම් ගොපල්ලව මහතා ට පසුව එනම් 1978 ට පසු කිසිම ජනාධිපති වරයෙක් ජනාධිපති මන්දිරයේ පදිංචියට කැමති උනේ නැහැ. අපලය පළදෙන කාලය ආවාම ශක්‍රයාට වත් ඒවා නවත්වන්න බැහැ කියන්නෙ ඕකට තමයි.

  2. ජනාධිපති මන්දිරය ගෘහනිර්මාණ දෝෂ සහිත නිසා ජ්‍යෝතිෂ්‍යවේදී උපදෙස් අනුව විධායක ජනාධිපතිවරු කිසිවෙක් පදිංචි වුනේ නැහැ. ජේ ආර් හිටියෙ එයාගෙ වෝඩ් පෙදෙසේ ගෙදර, ප්‍රේමදාස සුචරිතයේ සහ පවුල අරලියගහ මන්දිරයේ, විජේතුංග ඇමති නිල නිවසක, චන්ද්‍රිකා අරලියගහ මන්දිරයේ, මහින්ද අරලියගහ මන්දිරයේ, සිරිසේන ඇමති නිල නිවසක, ගෝඨා මිරිහානේ ගෙදර. දැන් ජනාධිපති මන්දිරය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04