ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට මුහුණ දීමට පෙර නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත සමග සිදුකළ සම්මුඛ සාකච්ජාවක් සම්බන්ධයෙන් එතුමාගේ හිටපු මාධ්‍ය ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ විසින් අදහස් පළකරනු ලබන වීඩියෝවක් මේ දිනවලසමාජ මාධ්‍යය තුල හුවමාරු වෙමින් පවතිනවා.
එහිදී ඔහු සඳහන් කර සිටියේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදිනී මාරියා හබී- හබීබ් සමග වත්මන් ජනාධිපතිවරයා පැය 03කට අධික කාලයක් සිදුකළ සම්මුඛ සාකච්ජාවේදී වැදගත් කරුණු රැසක් ගැන කරුණු සාකච්ජා කළ ද මේ දක්වා එය පළ නොකරේ ඇයිද යන්න ගැන තමන්ට සිතා ගත නොහැකි බවයි.
එමෙන්ම එම සම්මුඛ සාකච්ජාව අවසන් වීමෙන් පසු ඇය තමාට කෝපී කෝප්පයක් බිමට අවශ්‍ය බව පැවසූ බවයි මිලින්ද රාජපක්ෂ එම වීඩියෝවේ කියා සිටියේ.
එම අදහස් පළ කිරීම සම්බන්ධයෙන් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදිනිය විසින් ට්විටර් සටහනක් තබමින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
එහිදී ඇය සඳහන් කළේ තමන් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සම්මුඛ පරීක්ෂණයක් සිදුකරනු ලැබූ බවයි. එහිදී හම්බන්තොට වරාය සම්බන්ධයෙන් නැගු ප්‍රශ්නයේ දී පිළිතුරු දීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂවරුන් වැරැද්දක් කළ බවත් ජනාධිපතිවරණයට පෙර සාකච්ජාවක් ඉල්ලා සිටිය බවයි.
තමන් ඒ වන විටත් ගැබ් ගෙන සිටිය බවත් තමන් කිසි විටක කෝපී පානය නොකළ බවයි ඇය එහි සඳහන් කර ඇත්තේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සිදුකළ සාකච්ජාව පැය 03ක කාලයක් ගත වුවද එහිදී වැදගත් යමක් ප්‍රකාශ නොවූ නිසා එම සම්මුඛ සාකච්ජාව පළ නොකළ බවද ඇය සිය ට්විටර් සටහනේ සඳහන් කර තිබෙනවා.















It wasn’t 3 hours long ?
One thing is clear. This Habibi-Bibi woman can’t write good English ! How did she become a NYT reporter – shows the quality of NYT. And of course the LTTE terrorist propagadist Sathku had to chip in her penny’s worth ! Typical. (moral: don’t take on interviews while heavily preggo !)
Look at her statement ” it was not 3 hours”පැය තුනක් කතා කලේ…නැහැ