අරගලයට සහය දැක්වූ වරදට අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්ට අධිකරණය දුන් නියෝගය

සිය නිල ඇදුමින් සැරසී ඊයේ (14) “ගෝඨාගෝගම” යනුවෙන් විරෝධතාකරුවන් නම්කර ඇති ගාලුමුවදොර අරගලයට සහාය පළ කරමින් අදහස් දැක්වූ අමරදාස නම් පොලිස් සැරයන්වරයාව ඇප මත මුදාහැර තිබේ.

ඊයේ කොටුව පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගත්තේය.ඒ අනුව පොලිස් සැරයන්වරයාව අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.නිවාඩු දිනයකදී පවා ඔහු වෙනුවෙන් නීතිඥයින් රැසක් ඉදිරිපත්වී සිටි බවද වාර්තා විය.එහිදී, පොලිස් සැරයන්වරයාට ඇප නියම කළ අධිකරණය නඩුව යළි එළඹෙන 29 වනදා කැඳවීමට නියම කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ අදාළ පොලිස් නිලධාරියා ගැන ඉදිරි විමර්ශන ක්‍රියාක්මක බවය.

විමර්ශනවල ප්‍රගතිය අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙන බවද ඔහු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?