දැඩි තීරණයක් ගැනිමට රංජිත් සියඹලාපිටිය තීන්දු කරයි

එළඹෙන සතියේ 19 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී තමා නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉවත්වන බව රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

අද (15) රුවන්වැල්ලේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්තා පැහැදිලි තීරණයක්. ජනතාව මේ වකවාණුවේ විදින අසීමිත දුක, දවස් ගණන් පොලීම්වල ඉඳලා ඔවුන් විඳින පීඩාව. පාරට බැහැලා ජනතාව රජයට දෙන පණිවිඩය වඩාත් ශක්තිමත් කළ යුතුයි. ඒක ඉතාම දැණෙන භාෂාවකින් රජයට කියන්න අවශ්‍යයි කියලා. ඒ නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළේ රජයේ දරණ සියලු මැති ඇමති තනතුරුවලින් අයින් වෙලා ස්වාධීන වෙනවා කියන එක. නමුත් ඒ මොහොතේ පක්ෂය තීරණයක හිටියා නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති තනතුරත් තියෙන්නේ අපේ පක්ෂයට. මේ තනතුරු දෙක ස්වාධීන වෙන්න ඕනේ නෑ කියලා. හැබැයි මට අවශ්‍ය වුණා අඩියක් ඉදිරියට තියලා මේ තනතුරින් අයින් වෙලා රජයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාදෙන පණිවුඩය වඩාත් ශක්තිමත් කරන්න. ඒ අවස්තාවේදීම මම මෙම තනතුරින් ඉවත් වුණා නම් ඊලඟ දවසේ පාර්ලිමේන්තුවේ ප්‍රධානතම කාර්යය වන්නේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ අංක එක නියෝජ්‍ය කථානායකවරයෙකු පත්කර ගැනීම. ඡන්ද විමසීමකට යන්න වෙනවා. පාර්ලිමේන්තුවේ ඒ සතියේ තිබුණු ආර්බුදයත් එක්ක, ඒක මහා විශාල ප්‍රශ්නයකට තුඩු දෙන්න තිබුණා. ලබන 19වනදා රැස්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේ දී පමණයි මම නියෝජ්‍ය කථානායක ධුරය දරන්නේ. පාර්ලිමේන්තුව රැස් වෙන්නේ ලබන මැයි මාසේ 4වනදා. පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ අංක එකට එන්නේ නියොජ්‍ය කථානායකවරයෙකු පත්කර ගැනීම. “



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04