හිටිහැටියේ නාමල් රාජපක්ෂ ඉන්දීය මාධ්‍යයට ප්‍රකාශයක් දෙයි

ජනතාව ආණ්ඩුව සමග උරණ වී සිටින්නේ ඇයි ද යන්න තමන්ට වැටහෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. එසේ වුව ද, කෝපයට පමණක් නොව විසඳුම් සෙවීම සඳහා ද කාලය එළඹ ඇති බවට ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ, ThePrint නමැති ඉන්දීය ඉන්ටර්නෙට් පුවත්පතක මාධ්‍යවේදිනියක සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වූ අවස්ථාවේදී ය. ජනාධිපතිවරයා සහ රජය මීට වඩා විවෘතව රට වෙනුවෙන් කරන සැලසුම් ගැන හඬ නැගිය යුතුව තිබුණු බව ඔහු එහිදී සඳහන් කළේ ය.

“මම එකඟ වෙන අපට ඇති ලොකු ම චෝදනාව නම්, අපි මිනිසුන්ට දැනුම් නොදීමයි,” යනුවෙන් ඔහු පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, “ජනාධිපතිවරයා ජාතිය අමතා ඔහුගේ සැලසුම් ගැන ජනතාවට පැවසිය යුතු” බව ය.ශ්‍රී ලංකාවේ පද්ධතිමය වෙනසක් අවශ්‍ය බව ද මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දුන්නේ ය. පවුල් පාලනය සංජානනය කරන ලද්දේ විපක්ෂය විසින් බව ද ඔහු එහිදී පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, මිනිසුන් කෝපයට පත් වන්නේ මන්දැයි තමාට වැටහෙන බව ත්, විරෝධතා දැක්වීමේ අයිතියට සහාය දක්වන බවත් ය.කෙසේ වෙතත්, එවැනි කෝපය ඵලදායී නොවන අතර එය තවදුරට ත් අර්බුදයක් ඇති කළ හැකි බව ඔහු පැවසීය.

විශේෂයෙන් ම, විරෝධතා නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට උදව් කළ හැකි සංචාරකයින් ඈත් විය හැකි බව ඔහු වැඩිදුරට ත් පෙන්වා දුන්නේ ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04