රට ආර්ථික ප්‍රපාතයෙන් බේරාගන්න විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් යෝජනා හතරක්

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාද්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය 

ශ්‍රී ලංකාවේ වර්තමාන අර්බුදය

විශේෂඥ වෛද්‍යවරුන් වශයෙන් දැනට රටේ ඇති තත්වය හමුවේ සිදුව ඇති සිවිල් ජනතාවගේ කැළඹීම පිළිබඳව අපි දැඩි අවධානයෙන් සිටිමු. දැනට රට මුහුණ පා සිටින අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන්ගේ හිඟය, ඉතා දීර්ඝ කාලීන විදුලි විසන්ධි කිරීම් මෙන්ම දිනෙන් දින වැඩිවන ජීවන වියදම ආදී නොයෙකුත් හේතූන් මත මෙම තත්වය මහජනතාව තුළින්ම ස්වායත්තව සිදු වූවක් මෙන්ම එහි සාධාරණත්වයක් ඇති බවද අපට පෙනේ.

ශ්‍රී ලංකාව අසමත් රාජ්‍යයක්  බවට පත්වෙමින් ඇති බවට පළවන ආර්ථික සහ දේශපාලන විචාරකයන්ගේ  මතය යථාර්තයක් බවට  පත් වීම වැළැක්වීමට මෙම ප්‍රශ්න සදහා ආර්ථික මෙන්ම දේශපාලනමය විසඳුම් කඩිනමින් ලබා දිය යුතු බව අපගේ හැඟීමයි.

වෘත්තිකයන් වශයෙන් අප රට මෙවැනි දුර්දාන්ත තත්වයක් කරා යෑම වැළැක්වීමට, රජයට උපදෙස් දීම සහ ඒ සඳහා රජය පෙළඹවීමට අපට සදාචාරාත්මක මෙන්ම වෘත්තිමය අයිතියක් ඇති බව අප දැඩිව විශ්වාස කරමු. එම නිසා, නැවත  ගොඩ ගත නොහැකි තත්ත්වයකට රට පත් වීමට පෙර කළ යුතු වැඩ පිළිවෙල ලෙස අප විසින් පහත සඳහන් යෝජනා ඉදිරිපත් කිරීමට තීරණය කළෙමු. මෙම යෝජනාවලිය මගින් දැනට රට වැටි ඇති අස්ථාවර මෙන්ම අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදා ගැනීමට හැකි බව අපගේ දැඩි විශ්වාසයයි. වෘත්තිකයන් වශයෙන් , සියලුම පුරවැසියන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මේ අවස්ථාවේදී ඉතා දැඩි වගකීමෙන්  කටයුතු කරන ලෙසයි.

අපගේ යෝජනාවලිය වනුයේ,

  1. ඉක්මන් දේශපාලන ක්‍රියාවලියක් මගින් ස්ථාවර රාජ්‍ය යාන්ත්‍රණයක් පිහිටු වීමට කටයුතු කිරීමෙන් ආර්ථිකමය වශයෙන් ස්ථාවරත්වයක් ලබා ගැනීමට අවශ්‍ය අඩිතාලම දැමීමට හැකි වන අතර මෙමගින් අන්තර්ජාතික මූල්‍ය අරමුදල මෙන්ම අනිකුත් අන්තර්ජාතික සංවිධාන මගින් අවශ්‍ය මූල්‍යමය උපදෙස් මෙන්ම ණය හෝ ආධාර ලබා ගැනීමට ඇති හැකියාව වැඩි කල හැකි වනු ඇත. රටේ පොදු යහපත සඳහා යම්කිසි පරිත්‍යාගයන් දේශපාලනමය වශයෙන් සිදු කිරීමට සියලුම දේශපාලන පක්ෂ බැඳී සිටිය යුතු අතර, එමගින් ඉහත සඳහන් කළ ජාත්‍යන්තර සංවිධාන රජය කෙරෙහි ඇති විශ්වාසය පලුදු නොවී පවත්වා ගැනීම මෙහි ඇති ප්‍රධාන පරමාර්ථයයි.
  2. සියලුම දේශපාලන පක්ෂවල යම් එකමුතුවක් මගින් අන්තර් පාලන රජයක් පිහිටුවිය යුතු අතර ඒ සඳහා අවම කැබිනට් මණ්ඩලයක් පත්කර මෙම අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට කටයුතු කළ යුතුයි. රට ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය වන ව්‍යවස්ථා සංශෝධන කිරීම ඉතා අවශ්‍ය අතර එම සංශෝධන නොයෙකුත් දේශපාලන පක්ෂ වල පැවැත්ම සඳහා සිදු කරන ඒවා නොවිය යුතුය.
  3. අප යෝජනා කරන්නේ මෙම අන්තර්වාර කැබිනට් මණ්ඩලය (15 අඩු සංඛ්‍යාවකට සීමා විය යුතු අතර) අවංක, එමෙන්ම වෘත්තීයමය දැනුම මෙන්ම ඥානයක් ඇති, විශ්වාසය තැබිය හැකි කෘතහස්ත දේශපාලකයන් ගෙන් සමන්විත විය යුතු බවයි. දේශපාලන පක්ෂ භේදයකින් තොරව, දැනට පොදු මහ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වී ඇති අවංක මෙන්ම එක් එක් විෂයයන් සඳහා  විශේෂඥ දැනුමක් ඇති අය මේ සඳහා තෝරාගත යුතු බව අපි ඉතා දැඩි ලෙස විශ්වාස කරමු.
  4. තවද , විශේෂම කාරණය ලෙස අප දකින්නේ අවංක මෙන්ම රටක මූදල් කළමණාකරණය පිළිබඳ කෘතහස්ත දැනුමක් ඇති පුද්ගලයෙක් මුදල් අමාත්‍ය ධුරයට පත් කිරීම මඟින් අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ අනෙකුත් සංවිධාන සමඟ සාකච්ඡා කිරීම ඇරඹීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීම ය.

රට දැනට වැටී ඇති ව්‍යසනයෙන් බේරීමට නම් මෙම සියලු කාරණා ඉතා ඉක්මනින් සිදු කිරීම ඉතා වැදගත් බව අපි අවධාරණය කරමු.

අවසාන වශයෙන් මේ දුශ්කර අවස්ථාවේ හෝ “තමාට පෙර රට” යන සංකල්පය ක්‍රියාත්මක කිරීමට  අප රටේ නායකයින්ට අවශ්‍ය ප්‍රඥාව සහ ධෛර්යය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04