අළුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළිත් කොළඹට පැමිණීම සඳහා අද (15) දිනයේ සිට ප්‍රවාහන පහසුකම් සලසන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
ඒ අනුව විශේෂ බස් රථ ධාවනයට එක් කරන බව මණ්ඩලය සඳහන් කරයි.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ ඒ සඳහා අතිරේක බස් රථ 200 ක් යොදවා ඇති බවයි.
ලබන ඉරිදා වනවිට මගී ප්‍රවාහන කටයුතු සම්පූර්ණයෙන් යථාතත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බව ඔහු සදහන් කරයි.
එමෙන්ම ගම් බිම් බලා ගිය ජනතාවට කොළඹ පැමිණීම සඳහා ලබන 17 වැනිදා සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කරන බව දුම්රිය ගමනාගමන අධිකාරි ගාමිණි සෙනෙවිරත්න පැවසීය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




