සඳුදා සිට යළිත් ජනතාවට සහනයක්

ඉදිරියේදී ගෑස් මෙට්‍රික් ටොන් 8500ක තොගයක් ශ්‍රී ලංකාව වෙත ලැබීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ රජයේ මැදිහත්වීම මත ලෝක බැංකු ආධාර යටතේ ගෑස් ආනයනය කිරීම සඳහා ලැබී ඇති ඩොලර් මිලියන 10ක ප්‍රතිපාදන හරහා මෙම ගෑස් තොගය මෙරටට පැමිණීමට නියමිත බවය.

ඒ අනුව නිෂ්පාදන කටයුතු එළඹෙන අප්‍රේල් 18 වනදා සිට ආරම්භ කිරීමට නියමිතව ඇති බවද එම නිවේදනයේ සඳහන්.

මේ අතර අප්‍රේල් මාසය තුළ පමණක් ගෘහස්ත ගෑස් සිලින්ඩර 800,000ක් වෙළෙඳපොළට නිකුත් කර තිබේ.

ඒ අනුව කර්මාන්තශාලා, රෝහල් සහ හෝටල් ද ඇතුළුව වෙළෙඳපොල හරහා ගෑස් මෙට්‍රික් ටොන් 11,000ක ප්‍රමාණයක් බෙදාහැරීම සිදුකර තිබේ.

මේ අතර ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාමත් මෙරට ඩොලරයේ අගය ඉහළ යාමත් හමුවේ ගෑස් මිල ඉහළ නොදැමීම හේතුවෙන් මාර්තු මාසයේදී පමණක් රුපියල් මිලියන 2600ක අලාභයක් ද සිය ආයතනයට දැරීමට සිදුව ඇති බවද එම නිවේදනයෙන් ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04