පටිගත වූ රම්බොඩ ඛේදවාචකය

කොත්මලේ රම්බොඩ ඇල්ලේ දිය නාමින් සිටියදී සැඩ පහරට හසුව ගසාගෙන ගොස් සිටි තරුණියකගේ සහ තරුණයෙකුගේසිරුරු අද පස්වරුවේ සොයාගෙන තිබේ.

ඔවුන් දිය නෑමට ගිය ස්ථානයේ සිට මීටර් 500ක් පමණ දුරින් පිහිටි ස්ථානයක රැඳී තිබියදී හමුදා භට පිරිස් විසින් මෙම දේහයන් සොයාගෙන ඇත.

කොත්මලේ රම්බොඩ ඇල්ලේ ඉකුත් 12වැනිදා දිය නෑමට ගිය තරුණියන් හයදෙනෙකු සහ තරුණයෙකු සැඩපහරහට හසුවූ අතර ඉන් සිව්දෙනෙකු මුදාගැනීමට ජීවිතාරක්ෂක නිලධාරීන් එම අවස්ථාවේදී සමත්ව තිබුණි.

කෙසේවෙතත් පිරිස අතර සිටි තරුණියන් දෙදෙනෙකු සහ තරුණයෙක් සැඩ පහරට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව තිබූ අතර ඉන් එක් තරුණියකගේ දේහය ඊයේ පස්වරුවේ සොයාගනු ලැබීය.

හමුදා භට පිරිසක් විසින් අදාළ මළ සිරුර සොයාගනු ලැබුවේ පිරිස දිය නෑමට ගිය ස්ථානයට පහළින් පිහිටි බෝක්කුවක් ආසන්නයේ රැඳී තිබියදීය.

මෙම අනපේක්ෂිත අනතුරට මුහුණ පෑවේ නුවරඑළියේ විනෝද චාරිකාවක් පැමිණි වව්නියාව ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්තශාලාවක සේවයේ නිරතව සිටි පිරිසකි.

එම පිරිස නුවරඑළියේ සිට යළි වව්නියාව බලා යමින් සිටි අතරතුර රම්බොඩ ඇල්ලේ දිය නෑමට ගොස් තිබූ අතර එහිදී මෙම අනතුරට මුහුණ පා තිබුණි.

ඔවුන් දියනාමින් සිටි දසුනක් ද අයෙක් ජංගම දුරකථනයෙන් රූගත කර තිබුණු අතර තවත් පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයක තරුණියක් සැඩ පහරට හසුව ගසාගෙන යන අයුරු පටිගතව ඇත.

https://youtu.be/RLRAzwZVNJY


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04