අර්බුදයෙන් ගොඩ එන හැටි ලෝක බැංකුව රජයට කියා දෙයි

ශ්‍රී ලංකාවේ අවිනිශ්චිත ආර්ථික වාතාවරණය සහ එමඟින් ජනතාවට එල්ලවී ඇති බලපෑම් පිළිබඳව ලෝක බැංකුව කණස්සල්ල පළ කරනවා.එහි ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ෆාරිස් හඩාඩ් සර්වෝස් ප්‍රකාශ කළේ එහිදී මෙරට දුප්පත් සහ අවදානමට ලක්ව සිටින ගෘහස්ථයන් වෙත හදිසි ආධාර ලබාදීම සඳහා කටයුතු කරමින් සිටින බවද ඔහු සඳහන් කළා.ආර්ථික අර්බුදයේ බලපෑම අවම කරමින් ශ්‍රී ලාංකික ජනතාවගේ යහපත උදෙසා කටයුතු කිරීමට පියවර ගන්නා බවයි ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අර්බුදයෙන් ගොඩඒම සඳහා තිරසාර සහ සාර්ව වර්ධනයක් සිදුවිය යුතු අතර, ඒ සඳහා විශේෂයෙන් යොමුවූ ඒකාත්මික ක්‍රියාමාර්ග අවශ්‍ය බව ලෝක බැංකුවේ අදහසයි.එහිදී ව්‍යුහාත්මක මූලාශ්‍ර සහ ඒවායේ අවදානම් පිළිබඳව සැළකිල්ල යොමුකළ යුතුයි.දේශීය ආදායම් එක් රැස් කිරීම ශක්තිමත් කොට මූල්‍ය පරතරය අවම කිරීමට පියවර ගත යුතුයි.මූල්‍ය ක්‍ෂේත්‍රය දැඩි පරීක්ෂාවෙන් අධීක්ෂණය කළ යුතු අතර, එහිදී රාජ්‍ය අංශය පිළිබඳව මෙන්ම මෑතකදී සිදුවූ රුපියලේ අගය අවප්‍රමාණ වීම තුළින් බැංකුවල ශේෂපත්‍රයට සිදුවූ බලපෑමද සැළකිල්ලට ගත යුතු බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ.

මෙහිදී ගනු ලබන පියවර තුළින් වර්ධනයට මෙන්ම දුප්පත් ජනතාව කෙරෙහි මූලික වශයෙන් අහිතකර බලපෑමක් ඇතිවිය හැකි නමුත් එමඟින් අසමබරතාව කැපී පෙනෙන ලෙස නිවැරදි කිරීමටත් තිරසාර වර්ධනයක් සඳහා ශක්තිමත් පදනමක් ඇති කිරීමටත් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොල වෙත ප්‍රවේශ වීමටත් අවස්ථාවක් ලැබෙනු ඇති බව ලෝක බැංකුව අවධාරණය කළා.

මෙහිදී දුප්පත් සහ අවදානම් කාණ්ඩය වෙත සිදුවන බලපෑම අවම කරලීම අභියෝගකාරී වන බවයි ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.මේ අතර ශ්‍රී ලංකාවට තවත් ඩොලර් බිලියන 2 ක මූල්‍යාධාර ලබාදීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

එමෙන්ම මෙරට ආහාර සහ ඉන්ධන අවශ්‍යතා සඳහා සහය වීමටද සූදානම් බවයි ඉන්දියාව සඳහන් කර ඇත්තේ.විනිමය හුවමාරු සහ ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට සහය වීමට කටයුතු කරන බවත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ඉන්දීය ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කළා.

ශ්‍රී ලංකාව ණය සේවාකරණය අත්හිටුවීම සැළකිල්ලට ගත යුතු කරුණක් වුවත්, මූල්‍ය හුවමාරු සහ මූල්‍ය සහයක් ලෙස තවත් ඩොලර් බිලියන 2ක් ලබාදිය හැකි බව එහිදී ඉන්දීය රජයේ ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04