ජනපතිගෙන් අලුත් අවුරුද්දට සුභාශිංසන

එකමුතුකමින් සහ නිවැරදි අවබෝධයෙන් යුතුව අභියෝග ජය ගැනීමට උදා වූ අලුත් අවුරුද්දේ කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.ඒ, අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩය නිකුත් කරමින්.

පවතින ආර්ථික සහ ගෝලීය අර්බුද හමුවේ ශ්‍රී ලංකාව ඉතිහාසයේ එල්ල වූ විශාලතම අභියෝගයට මුහුණදෙමින් සිටින බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.අලුත් අවුරුදු උදාව නැවුම් අපේක්ෂාවන් සමඟ පිළිගැනීම අපගේ පිළිවෙත වන අතර, පවතින අභියෝග ජය ගන්නා සෞභාග්‍යමත් වසරක් ජනාධිපතිවරයා ප්‍රාර්ථනා කරනවා.

අලුත් අවුරුදු පණිවුඩයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කරන්නේ පවතින දුෂ්කර කාලය පසුකර යෑමට සියලු දෙනා එක්ව සමගි සම්පන්නව ක්‍රියා කළ යුතු බවයි.අභියෝගාත්මක කාලයේ අනපේක්ෂිතව ජනතාව මුහුණදුන් පීඩා එකිනෙක මගහැරලීමට අවශ්‍ය අනාගත සැලසුම් ක්‍රියාවට නංවමින් සිටින බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය අලුත් අවුරුදු පණිවුඩයෙන් සඳහන් කළේ මහත් කැපකිරීම් කළ ජනතාවට, යළි කැපකිරීම් කරන්නට කියනවා වෙනුවට ප්‍රායෝගිකව පාලකයින් එම කටයුත්තට එළැඹීම මේ මොහොතේ අත්‍යවශ්‍ය වන බවයි.

ආර්ථික සහ දේශපාලන වශයෙන් අවදානම් තැනකට රට තල්ලු වී ඇති අතර, ජනතාවගේ සාමාන්‍ය ජීවන තත්ත්වයට අසාමාන්‍ය ලෙස අභියෝග පැමිණ ඇති බවද ඔහු ප්‍රකාශ කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04