යලිත් තෙල් හිඟයක්

සිංගප්පූරුවේ සිට මෙරටට ඉන්ධන ආනයනය කළ නැවකට ඩොලර් ගෙවීමට නොහැකිවීම නිසා දින 15 ක සිට මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබෙන බව තෙල් සංස්ථා උසස් නිලධාරියෙක් පැවසීය.

සිංගප්පූරුවේ සිට පසුගිය මාර්තු 28 වැනිදා මෙරටට ළඟා වී තිබෙන මෙම නැව තුළ ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ටොන් 26,000 ක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 9,000 ක් තිබේ.

ඉන්දන නැව මුදාගැනීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 44 ක් ගෙවීමට නියමිතව තිබුණත් මුදල් නොගෙවීම නිසා 12 දා වනවිට දිනකට ඇමරිකන් ඩොලර් 18,000 බැගින් දින 15 ක් සඳහා ප‍්‍රමාද ගාස්තු ගෙවීමට සිදු වී තිබේ.

ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ගෙනා ඩීසල් සහ පෙට‍්‍රල් ලබන සතිය මැද පමණ වන තෙක් පවතින අතර ඉන්ධන ගෙනඒමට කටයුතු නොකළහොත් ලබන සති මැද සිට නැවත ඉන්ධන හිඟයක් ඇතිවීමට ඉඩ ඇතැයි එම නිලධාරියා පැවසීය.

සංස්ථාව සතුව දින කිහිපයකට අවශ්‍ය භූමිතෙල් තිබෙන බවත් භූමිතෙල් ඉල්ලූම මෙටි‍්‍රක් ටොන් 700 ක් පමණ වුවත් එය සීමා කර මෙටි‍්‍රක් ටොන් 400 ක් ලෙස බෙදාහැරීම් සිදුකරන බවත් එම නිලධාරියා පැවසීය. සාමාන්‍ය දිනකදී භූමිතෙල් ඉල්ලූම මෙටි‍්‍රක් ටොන් 300 ක පවතින බව ද ඔහු කීවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?