ශ්‍රී ලංකාව මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් ලෝක බැංකු අධ්‍යක්ෂවරයා වන ෆාරිස් හඩාඩ් සර්වෝස් (Faris Hadad-Zervos) සිදු කර තිබෙනවා.
අධ්‍යක්ෂවරයා පවසන්නේ, ශ්‍රී ලංකාව තුළ මේ වනවිට උද්ගතව පවතින දැඩි ආර්ථික වියවුල්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ලෝක බැංකුව දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි.
ආර්ථික අවපාතය හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ට ඇතිවන බලපෑම සහ එලෙස ජනතාව පීඩිත වීමට ඇති ප්‍රධානතම හේතුව වන්නේ එරට පවතින අවිනිශ්චිත ආර්ථික දැක්ම බව ද හෙතෙම පෙන්වා දෙනවා.
දිළිඳු සහ අවදානමට ලක්වූවන්ට හදිසි ආධාර සැපයීමට සහ ජනතාවගේ යහපැවැත්ම සඳහා ලෝක බැංකුව කැපවී සිටින බවයි ලෝක බැංකුවේ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.




