මං ජනාධිපති වුනා නම් රටට මෙහෙම වෙන්නෙ නෑ

රට වැටී තිබෙන්නේ බරපතළ අගාධයකට බවත්, එය ගොඩනැගීම උදෙසා වැඩපිළිවෙළ සමගි ජන බලවේගය සතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තිත්ත ඇත්ත වන්නේ රට වැටී ඇති තරමින් ගොඩ ගැනීම ලෙහෙසි පහසු නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා සත්‍ය කතා කොට ගෙදර යන්න වුවත් ඒ ගැන කනගාටු නොවන බවද කීය.

රටේ පාලකයින් පරමාදර්ශී වියයුතු බවත් කැපකිරීම් කළයුත්තේ ඔවුන් බවත් කී විපක්ෂ නායකතුමා තම කණ්ඩායම ඊට සූදානම් බවත් කීය.

දෙවසරක් තිස්සේ නිද්‍රාශීලීව සිටි ආණ්ඩුව මේ ව්‍යසනය නිසා දැන් විපක්ෂයෙන් විසඳුම් තිබේ දැයි අසන අතර තමන්ට ඊට විසඳුම් ඇති බවත්,යම් හෙයකින් තමන් ඇතුළු කණ්ඩායම මේ මොහොතේ බලයේ සිටියා නම් මෙවැනි බරපතළ බරපතල අගාධයකට රට පත් වීමට ඉඩ නොදෙන බවත් පැවසීය.

ඉතිහාසයේ කිසිදු විපක්ෂයක් සිදු සිදු නොකළ ආකාරයේ වැඩ කොටසක් සමගි ජන බලවේගය සිදුකොට ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා “සමගි ජන බලවේගයෙන් හුස්මක්”, සක්වල වැනි වැඩසටහන් ඊට කදිම උදාහරණ බවද පැවසීය.

එදා සිට තමන් කල්තියා කළ අනතුරු ඇඟවීම් සියල්ලම පාහේ අද වන විට ඇත්තක් වී ඇති බවත්, මේ රටේ සමස්ත ජනතාව අත්විඳින දුක කඳුල වේදනාව පිළිබඳව බලවත් සංවේගයක් තමනට ඇති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

රාජගිරිය ප්‍රදේශයේ අගහිගකම්වලින් පිරි පවුල් 900ක් සදහා වියලි ආහාර මල්ලක් බැගින් විපක්ෂ නායකතුමා අතින් බෙදාදීම (12) සිදුවිය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04