පවතින වැසි තත්වය හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල ධාරීතාවය සියයට 10ත් 15ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන සඳහන් කළේ ප්‍රධාන වාරි ජලාශ 73න් ජලාශ 9ක් වාන් දමමින් පවතින අතර, තවත් ජලාශ 20ක් උපරිම ධාරිතාවයට ළගා වී ඇති බවයි.
එසේම, ඊයේ කොත්මලේ, රම්බොඩ දියඇල්ලේ දියනෑමට ගොස් අතුරුදන් වූ තිදෙනාගෙන් තරුණියකගේ මළ සිරුරක් අද හමු වී තිබෙනවා.
ඊයේ වව්නියාව ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවක සේවයේ නියුතු 48 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මෙම ස්ථානයට පැමිණ ඇති අතර රම්බොඩ දියඇල්ලේ ජල මට්ටම එකවර ඉහළ යාමත් සමග 7 දෙනෙකු දියේ ගසාගොස් සිව් දෙනෙකු බේරා ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, අතුරුදන් තරුණියගේ සහ තරුණයාගේ සිරුරු මෙතෙක් සොයා ගෙන නැහැ.




