අවුරුද්දට සතුටුදායක ආරංචියක් 

ඉන්දීය ණය ආධාර යටතේ ආනයනය කළ සහල් මෙට්‍රික් ටොන් 16,000 ක් කොළඹ වරායට ළඟා වී තිබේ.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති යෝගා පෙරේරා මහතා සඳහන් කළේ, ඒ අතර පොන්නි සම්බා මෙට්‍රික් ටොන් 7000 ක් හා සුදු කැකුළු මෙට්‍රික් ටොන් 2000 ක් වන බවයි.

එම සහල් අද(13) සිට සතොස හා සමූපකාර අලෙවිසැල් වෙත බෙදා හැරෙනු ඇති.

ඒ අනුව පොන්නි සම්බා කිලෝ ග්‍රෑමයක් රුපියල් 130 කටත් සුදු කැකුළු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 110 ක මිලකටත් අලෙවි කිරීමට සැලසුම් කර තිබේ.

සහල් තොගයේ තවත් අධියරක් ඉදිරි සතිය ඇතුළත දිවයිනට ලැබීමට නියමත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?