ලබන සදුදා වෙන අලුත්ම වැඩේ මෙන්න!

ලබන 18 වැනි දින කැබිනට් මණ්ඩලය පත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා.

ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ‌වොෂින්ටනයේදී සාකච්ජා පැවැත්වීමට නියමිතව ඇත්තේද 18 වැනි දිනයි.

ඒ අනුව එදිනම කැබිනට් මණ්ඩලයද පත් ‌කොට ආණ්ඩව ස්ථාවර බව ජාත්‍යන්තරයට පෙන්වීම මෙහි එක් අරමුණක් වී ඇති බව දැනගන්නට ඇත.

එමෙන්ම එදිනට සියලුම රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමටද ආණ්ඩුව සැලසුම් කර ඇති බවටයි වාර්තා වෙන්නේ.

මේ අතර ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂ 11 කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් බොරැල්ල කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ දී අද පස්වරුවේ පැවැත්වුණා.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබා ගැනීම පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

එමෙන්ම දැනට උද්ගත වී ඇති දේශපාලන අර්බුදය සහ අගමැති මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තම ධුරවලින් ඉවත් වී වෙනම ආණ්ඩුවක් පත් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම ඉදිරියේදී රාජපක්ෂවරු සමඟ කිසිඳු ගනුදෙනුවක් නොකිරීමට සිය කණ්ඩායම තරයේ තීරණය කළ බවත් සාකච්ඡාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළා.

මෙම සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන දයාසිරි ජයසේකර, විමල් වීරවංස, අතුරුලියේ රතන හිමි, තිස්ස විතාරණ යන අය අදහස් දැක්වීම සිදුකළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04