ඉන්ධන සහ පොහොර අර්බුද හේතුවෙන් යල කන්නයේ වී හිඟයක් ඇතිවිය හැකි බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
ඒ හේතුවෙන් තවදුරටත් වෙළඳපොලෙහි සහල් මිල ගණන් ඉහළ යා හැකි බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
මේ වනවිට වෙළඳපොලෙහි දේශීය නාඩු සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 210ත් 220ත් අතර මිලකට අලෙවි වනවා.
එමෙන්ම සම්බා කිලෝග්‍රෑමයක් අද වනවිට වෙළඳපොලේ අලෙවි වන්නේ රුපියල් 230ක මිලකට යි.
කීරි සම්බා කිලෝග්‍රෑමයක මිල ද මේ වනවිට රුපියල් 270 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා සඳහන් කළේ, ඉන්ධන අර්බුදයත් සමඟ යල කන්නයේ නියමිත ලෙස වගාවන් සිදු කිරීමට නො හැකි වුව හොත් සහල් මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි.














