ගාලු මුවදොර විරෝධතාවය අඛණ්ඩව සිව්වන දිනටත්

කොළඹ ගාලු මුවදොර පිටිය ප්‍රදේශයේ පැවැත්වෙන විරෝධතාවය සිව්වන දිනටත් අඛණ්ඩව පැවැත් වේ.

දිවයින පුරා සිටින තරුණ තරුණයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය 09 වන දින එම විරෝධතාවය ආරම්භ වූ අතර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරම් සවිකර ගනිමින් විරෝධතාකරුවන් දිවා රෑ විරෝධතාවයේ නිරත වී සිටී.

එම විරෝධතාවය සඳහා ඊයේ (11) රාත්‍රියේදීත් රංගන ශිල්පීන් කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්රැස් වී සිටි බව වාර්තාකරුවන් සඳහන් කළේය.

ඊයේ රාත්‍රීයේ ගාලු මුවදොර පිටිය ට අධික ලෙස වර්ෂාවක් පතිත වුවද විරෝධතාකරුවන් අඛණ්ඩව සිය විරෝධතාවයේ නිරතව සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?