කොට්ටාවේ එළවළු දන්සල

කොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඊයේ (08) සිය වෙළෙඳසැලට පැමිණි පාරිභෝගිකයන්ට මුදල් අයකිරීමකින් තොරව එළවළු බෙදාදී දී ඇත.

රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනාකමකින් යුත් එළවළු තොගයක්මෙසේ පාරිභෝගිකයන්ට ලබා දී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු වෙළෙඳසැලේ හිමිකරු පැවසූවේ, තමා අලුතෙන් ආරම්භ කළ මෙම වෙළෙඳසැලේ මුදලට එළවළු වෙළඳාම් කිරීමට පෙර පාරිභෝගිකයන්ට නොමිලේ එලවළු ලබා දීමට සිතු බවය.

රටේ පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් තමන් මෙම පියවර ගැනීමට පෙළඹුණ බවත් ජනතාවට සහයක් වීමට හැකි අය සිටීනම් ඔවුන්ට උපරිමයෙන් ආර්ථික අපහසුතා ඇති ජනතාවට උපකාර ලෙස ඉල්ලා සිටින බව ද ඔහු  පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
57
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?