මහ බැංකුව තවත් රුපියල් බිලියන ගණනක් මුද්‍රණය කරයි

ශ්‍රී ලංකාව ඊයේ දිනය තුළ දී රුපියල් බිලියන 119.08 මූල්‍ය වෙළඳපොළට එක්කර තිබෙනවා. ඒ අනුව මේ වසර තුළදී පමණක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අලුතින් මෙරට මූල්‍ය වෙළඳපොළට එක් කල මුළු මුදල රුපියල් බිලියන 432.76 දක්වා ඉහළ යනවා.

පෙරේදා (5) දින ශ්‍රී ලංකා මහ බැංකුව සතුව තිබූ දේශීය සංචිත ප්‍රමාණය වන රුපියල් මිලියන 1,656,691.82 ඊයේ දිනය තුළ දී රුපියල් මිලියන 1,772,497.21ක් දක්වා ඉහල ගියා.

මෙලෙස දිනපතා දේශීය වෙළඳපොළට මහ බැංකුව විසින් අලුතින් මුදල් එක් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉතිහාසයේ පෙර නොවූ විරූ පරිදි ඉහළ ගොස් ඇති අතර, ලොව උද්ධමනය වැඩිම රටවල් අතර 6 වන ස්ථානය දක්වා පැමිණෙන්නටත් මේ මුදල් නිකුතුව හේතු වි තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?