ඇඳිරිනීතිය අස්සේ සිදුවූ ඛේදවාචකයක්

ඇඳිරිනීතිය පනවා ඇති මොහොතේ පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දඹුල්ල පන්සලේ වැවේ දියනෑමට ගොස් එක් අයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ, එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිටි ජී. පී. ජී. ජයසේන නැමැති 45 හැවිරිදි අයෙක් බවය.

මිතුරන් පස්දෙනා ඇඳිරිනීතිය පනවා ඇති මොහොතේ දඹුල්ල පන්සලේ වැවට ගොස් සාදයක් පවත්වා ඇති අතර, පසුව එක් අයෙක් වැවේ දියනාමින් සිටිය දී දියේ ගිලී තිබේ.

පසුව සෙසු සිව්දෙනා එම ස්ථානයෙන් දිව ගොස් ඇතැයි පොලීසිය පැවසීය.
 
එක් පුද්ගලයෙක් දියේ ගිලීමත් සමග එහි සිටී පිරිස් නැවත ඔවුන් රැඳී සිටින බෝඩිමට ගොස් ඇඳුම් මාරු කර දඹුල්ල පොලීසියට පැමිණ තමන් සමග දියනාමින් සිටි අයෙකු දියේ ගිලී ඇති බව පැමිණිල්ලක් කොට තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විශේෂ පොලිස් කණ්ඩායමක් කඩිනමින් එම ස්ථානයට පිටත් කොට යවා තිබිණි.

පසුව කළ දැනුම්දීමක් මත මාතලේ දිස්ත්‍රික් පොලිස් ජීවිතාරක්ෂක ප්‍රධාන පුහුණු උපදේශක උප පොලිස් පරීක්ෂක සුනිල් විජේසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් පැමිණ වැව පරීක්ෂා කර තිබේ.

එහිදී දියේ ගිලී සිටි පුද්ගලයාගේ සිරුර සොයාගෙන ඇත.

තම කණ්ඩායමේ සිටි දෙදෙනෙකු වැව් පඩිය මත වාඩි වී සිටිය දී අනෙක් අය වතුරට බැස දිය නාමින් සිටි බව එම සිදුවීමට මුහුණදුන් පුද්ගලයෙක් පවසා තිබේ.

එම අවස්ථාවේ දී ජයන්ත නැමති පුද්ගලයා අත් ඔසවමින් තමා ගිලෙන බව සංඥා කළත් කිසිවෙකුටත් පිහිනීමට නොහැකි නිසා ඔවුන් එම ස්ථානයෙන් පිටව ගිය බව එම පුද්ගලයා වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක  රුශාන්ත පෙරේරා මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් විසින් සිදුකරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?