ඇඳිරිනීතිය අස්සේ සිදුවූ ඛේදවාචකයක්

ඇඳිරිනීතිය පනවා ඇති මොහොතේ පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දඹුල්ල පන්සලේ වැවේ දියනෑමට ගොස් එක් අයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ, එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිටි ජී. පී. ජී. ජයසේන නැමැති 45 හැවිරිදි අයෙක් බවය.

මිතුරන් පස්දෙනා ඇඳිරිනීතිය පනවා ඇති මොහොතේ දඹුල්ල පන්සලේ වැවට ගොස් සාදයක් පවත්වා ඇති අතර, පසුව එක් අයෙක් වැවේ දියනාමින් සිටිය දී දියේ ගිලී තිබේ.

පසුව සෙසු සිව්දෙනා එම ස්ථානයෙන් දිව ගොස් ඇතැයි පොලීසිය පැවසීය.
 
එක් පුද්ගලයෙක් දියේ ගිලීමත් සමග එහි සිටී පිරිස් නැවත ඔවුන් රැඳී සිටින බෝඩිමට ගොස් ඇඳුම් මාරු කර දඹුල්ල පොලීසියට පැමිණ තමන් සමග දියනාමින් සිටි අයෙකු දියේ ගිලී ඇති බව පැමිණිල්ලක් කොට තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විශේෂ පොලිස් කණ්ඩායමක් කඩිනමින් එම ස්ථානයට පිටත් කොට යවා තිබිණි.

පසුව කළ දැනුම්දීමක් මත මාතලේ දිස්ත්‍රික් පොලිස් ජීවිතාරක්ෂක ප්‍රධාන පුහුණු උපදේශක උප පොලිස් පරීක්ෂක සුනිල් විජේසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් පැමිණ වැව පරීක්ෂා කර තිබේ.

එහිදී දියේ ගිලී සිටි පුද්ගලයාගේ සිරුර සොයාගෙන ඇත.

තම කණ්ඩායමේ සිටි දෙදෙනෙකු වැව් පඩිය මත වාඩි වී සිටිය දී අනෙක් අය වතුරට බැස දිය නාමින් සිටි බව එම සිදුවීමට මුහුණදුන් පුද්ගලයෙක් පවසා තිබේ.

එම අවස්ථාවේ දී ජයන්ත නැමති පුද්ගලයා අත් ඔසවමින් තමා ගිලෙන බව සංඥා කළත් කිසිවෙකුටත් පිහිනීමට නොහැකි නිසා ඔවුන් එම ස්ථානයෙන් පිටව ගිය බව එම පුද්ගලයා වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක  රුශාන්ත පෙරේරා මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් විසින් සිදුකරනු ලබයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව හිරගෙට රැගෙන යන වෙලාවේ අහසත් හඬා වැටෙයි
00:34
Video thumbnail
ලියලා තියාගන්න.. තව අවුරුද්දකින් ආණ්ඩුවට වෙන දේ බලන්න
05:26
Video thumbnail
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව ජයගත් නෙතකි යළි මව්බිමට පැමිණෙයි
01:00
Video thumbnail
කොළඹට කඩාවැටුණු මහ වැස්සෙන් පාරවල් රැසක් යටවෙයි
00:42
Video thumbnail
මගේ සපෝට් එකට කවුරුත් නෑ.. මන් එන්නේ තනියම, තමන්ට තමන් විතරයි
01:16
Video thumbnail
ජනාධිපතිතුමා ජාති භේදයක් ඇතිකරලා බුද්ධාගමට විශාල හානියක් කරන්න හදනවා
04:55
Video thumbnail
ජනාධිපතිතුමා පච කීමෙන් චේතීය රජතුමාවත් පරාජය කරලා ඉන්නේ
04:07
Video thumbnail
සජබයේ සෙට් එක අස්ගිරි මහානාහිමිත් බැහැදැක ආශිර්වාද ලබාගනී
00:57
Video thumbnail
චාමර සම්පත්ව අධිකරණයට රැගෙන ගිය හැටි
00:47
Video thumbnail
මල්වතු මහනාහිමි සජබයේ ලොක්කන්ට කට උත්තර නැතිවෙන්නම දීපු හැටි
13:05