ප්‍රබල පතාල කල්ලි නායකයෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කෙහෙල්බද්දර පද්මේ නමැත්තා විවෘත අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අද (12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා.
සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී කෙහෙල්බද්දර පද්මේ ඇතුලු සැකකරුවන් දෙදෙනා සුම් තාක්ෂණය ඔස්සේ අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා විසින් මෙලෙස නියෝග කරනු ලැබුවා.
පතාල නායකයින් දෙදෙනෙකු වන ගම්පහ බබා සහ බබී නැමැත්තන් නීතිවිරෝධීව බෝට්ටු මගින් ඉන්දියාවට යැවීමේ චෝදනාවට අදාළ සැකකරුට එරෙහිව ගොනු කර තිබූ නඩුව අද (12) කැඳවූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය කරනු ලැබුවා.
එම බන්ධනාගාර වර්තාව සලකා බලා අවශ්‍ය නියෝග ලබාදෙන බව ද මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියා.
සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා ලබන 26 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කළා.










