හෙට (13) දිනයේ ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනේ සහ දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි වීමක් හෙට (13) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාව ඇතුළු මහජනතාවට දැනුම් දෙනවා.
එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත් වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100-150 ක පමණ තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
.
මේ අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.










