හදිසි අවස්ථාවක් යනුවෙන් අර්ථකථනය කරන්නේ අනතුරක් සම්බන්ධයෙන් කටයුතු කිරීම සාමාන්‍ය තත්ත්වයන්හි දී ලබාදෙන්‍ය් නොලබන බලතල රජයට ලබාදිය හැකි සුවිශේෂ තර්ජනයක් අනතුරක් හෝ ව්‍යසනයක් පැහැදිලි ලෙස ම පවතින තත්ත්වයක් ලෙසය.
මෙවැනි තත්ත්වයක දී ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑම සහතික කිරීම පිණිස හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතලයයි.
මෙම අවස්ථාව මහජන ආරක්ෂක පනතේ ද විස්තර කෙරෙන්නේ ඒ අයුරිනි.
එමෙන්ම නිවේදනයක් මගින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ තනි කරවූ අභමතානුසාරී බලය ජනාධිපතිවරයා සතුව පවතිනවා.
එය 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වගන්තිය යටතේ පැවරෙන අතර එම නිවේදනයන් පාර්ලිමේන්තුව වෙත සන්නිවේදනය කළ යුතු වනවා.
ඒ සඳහා ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව කැඳවිය යුතු වනවා.














