රාත‍්‍රියට ATM නවතී

රට තුළ පවතින ඉන්ධන හා විදුලි අර්බුදය හේතුවෙන් බැංකු කටයුතු පවත්වාගෙන යාම බරපතළ ගැටළුකාරි තත්වයකට පත්ව ඇතැයි ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි.

විදුලිය විසන්ධි කරන කාලය තුළ බැංකු කටයුතු කරගෙන යාම සඳහා විදුලි ජනක යන්ත්‍ර භාවිතා කරන නමුත් ඒ සඳහා ඉන්ධන ලබා ගැනීම බරපතළ ගැටලුවක් වී ඇති බව සංගමයේ ලේකම් රන්ජන් සේනානායක සමතා පැවසීය.

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ඇතැම් බැංකු කටයුතු කර්මණ්‍ය වූ බවද සංගමයේ ප්‍රධාන ඒ මහතා සඳහන් කළේය.

රාත්‍රී කාලයේ බැංකු වසා තිබුණ ද ATM යන්ත්‍ර ක්‍රියාත්මක ව තිබිය යුතු වුවත් පවතින ඉන්ධන හිගය හමුවේ එය අභියෝගයට ලක්ව ඇතැයි ද හෙතෙම පැවසීය.

මෙම තත්ත්වය දිගටම පැවතිය හොත් විදුලිය විසන්ධි කරන කාලසීමාවේදී යන්ත‍්‍රද ඇනහිටීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් ඔහු පැවසීය.

දැනටමත් ඇතැම් බැංකු රාත්‍රී කාලයේදී එම යන්ත්‍ර ක්‍රියා විරහිත කරන බව වාර්තා වන බවද ඔහු තව දුරටත් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?