සතොසෙන් කොන්දේසි

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසකින්ම සීමා කර පාරිභෝගිකයන්ට ලබා දෙන ලෙස සතොස ශාඛා කළමනාකරුවන්ට පාලන අධිකාරීය විසින් චක්‍රලේඛයක් මගින් උපදෙස් ලබාදී ඇත . මේ අනුව ආනයනික නාඩු සහල් කිලෝවක් රු .110 මිලකට සහ ආනයනික පොති සම්බා කිලෝවක් රු . 130 බැගින් කිලෝ පහක් පාරිභෝගිකයන්ට ලබාදීමට පියවර ගෙන ඇත .සීනි කිලෝවක් රු . 160 මිලකටත් , පරිප්පු කිලෝවක් රු . 360 මිලකටත් සතොස ශාඛාවල අලෙවි කෙරේ . එක් පාරිභෝගිකයකුට සීනි කිලෝවක් සහ රතු පරිප්පු ග්‍රෑම් 500 ක් බැගින් පමණක් ලබා දෙන ලෙසත් පාලන අධිකාරිය උපදෙස් ලබා දී ඇත . සතොස ශාඛාවල තිරිඟු පිටි ඇතුළු තවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් අලෙවි කිරීමට නොමැති බව පාරිභෝගිකයෝ කියා සිටිති .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?