ඉන්ධන මිල වැඩි කලාට ජනතා විරෝධයක් නෑ..- සිපෙට්කෝ සභාපති

ඉන්ධන මිල වැඩි කළාට ජනතාවගේ විරෝධයක් මතු වී නැතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.

තමන් ඉන්ධන පිරවුම්හලවලට ගොස් එහි ඇති ප්‍රශ්න පිළිබඳව සොයා බලා ඇති බවත් තව දින දෙකකින් පමණ ජනතාවගේ ඉන්ධන ගැටලු විසඳීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.

දැනට පවතින ඉන්ධන හිගයද ඉදිරි දින දෙක තුළ පහව යනු ඇතැයි ද පැවසූ ඔහු පවතින ඉන්ධන හිගයටද හේතුව වන්නේ ජනතාව කෑන් වලට ඉන්ධන එකතු කිරීම බව ද පෙන්වා දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?