AFC Banner
Empty Ad
Empty Ad

බිත්තර වෙළෙදුන් 20 දෙනෙකුට නීතිමය පියවර

එළඹෙන උත්සව සමය නිමිත්තෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර කිහිපයකම බිත්තර වැඩි මිලට අලෙවි කිරිම, බිත්තර සන්තකයේ තබාගෙන අලෙවි නොකිරිම යන චෝදනා යටතේ වෙලෙදුන් 20 දෙනෙකුට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කල බව පාරිභෝගික සේවා අධිකාරියේ නුවරඑලිය දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා පැවසුවා.

ඉකුත් සතිය තුල නුවරඑළිය , නානුඔය , තලවකැලේ, කොටගල, හැටන් , නොර්වුඩ් , මස්කෙලිය , රාගල , ගිනිගත්හේන , පුඩළුඔය, හපුගස්තලාව , වටවල යන ප්‍රදේශවල වැටලිම් සිදු කල බවත්, එම වැටලිම් වලදි බිත්තර වැඩි මිලට අලෙවි කල වෙලෙදුන් 10 දෙනෙකු හැටන් සහ නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණ වලට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් වරද පිළිගත් නිසා එම චුදිතයන් සියළු දෙනාගෙන් රු පන්ලක්ෂ තිස්දහසක දඩ මුදලක් තම අධිකාරියට අය කර ගැනිමට හැකි වු බවද ඒ මහතා පැවසුවා.

බිත්තර සන්තකයේ තබාගෙන පාරිභෝගිකයන්ට අලෙවි නොකර සිටි නුවරඑලිය නගරයේ වෙළෙන්දෙකුගේ බිත්තර 2000 ක් අධිකරණය මගින් රාජ්‍ය සන්තක කල බවත්, මෙවැනි වැටලිම් උත්සව සමය අවසන් වන තෙක් සිදු කරන බවයි වැඩිදුරටත් පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?