AFC Banner
Empty Ad
Empty Ad

කල් ඉකුත් වූ ආහාර අලෙවි කළ වෙළෙදුන් 16 දෙනෙකුට නීතිමය පියවර (ඡායාරූප)

එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් පාරිභෝගිකයන්ට ගුණාත්මක ආහාර ද්‍රව්‍ය ලබාදිමේ අරමුණින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ඊයේ (10) දින නාවලපිටිය නගරයේ හදිසි පරික්ෂාවක් සිදු කර තිබෙනවා.

නාවලපිටිය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් , පස්බාගේ කොරලේ ප්‍රාදේශිය සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් , මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන රැසක මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එක්ව නාවලපිටිය නගරයේ ආහාර ද්‍රව්‍යය අලෙවි කරන තොග සහ සිල්ලර වෙළදසැල් , ආපන ශාලා සහ බේකරි හදිසි පරික්ෂාවට ලක් කෙරිණ.

මෙම හදිසි පරික්ෂාවේදි තොග සහ සිල්ලර වෙලදසැල් රැසකම අලෙවි කිරිම සදහා ගබඩා කර තිබු කල් ඉකුත් වු ආහාර ද්‍රව්‍යය රැසක් සහ පරිභෝජනයට නුසුදුසු තත්වයේ තිබු ආහාර ද්‍රව්‍යය රැසක් විනාශ කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කළා.

නාවලපිටිය නගරයේ ආපන ශාලා සහ බේකරි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පරික්ෂාවට ලක් කල අතර , එහිදි අපිරිසිදු අකාරයෙන් පිලියෙල කර අලෙවි කිරිම සදහා සුදානම් කර තිබු ආහාර පාන රැසක්ද විනාශ කිරීමට පියවර ගෙන තිබෙනවා.

අපිරිසිදු අකාරයෙන් ආපන ශාලා පවත්වාගෙන ගිය වෙළදසැල් හිමියන්ට එම අඩුපාඩුකම් සපුරා ගෙන පිරිසිදු අකාරයෙන් ආහාර පාන පිලියෙල කරන ලෙසට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් එම ආපන ශාලා හිමියන්ට අවවාද කල අතර , එම ආපන ශාලා යලිත් වරක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ අධික්ෂණයට ලක් කිරිමට නියමිතයි.

මෙම හදිසි පරික්ෂාවේදි නාවලපිටිය නගරයේ කල් ඉකුත් වු ආහාර ද්‍රව්‍යය අලෙවි කල වෙළදුන් සහ අපිරිසිදුව ආපන ශාලා පවත්වාගෙන ගිය වෙලදුන් 16 දෙනෙකුට එරෙහිව නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කල බවත්, සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර මෙවැනි හදිසි පරික්ෂාවක් සිදු කරන බවයි නාවලපිටිය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක නුවන් කැකුලන්දර පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?