AFC Banner
Empty Ad
Empty Ad

ඉත්තෑවන්ට යෙදු උගුල ගොවියාට මරුවා කැඳවයි

මහකුඹුක්කඩවල කිවුල තරුණ ව්‍යාපාරයෙ දරුවන් තිදෙනෙකුගේ පියකු තම වගාව ඉත්තෑවන්ගෙන් ආරක්ෂා කර ගැනිමට යොදා තිබු විදුලි කම්බියක පැටලි විදුලි සැර වැදිමේන් මරණයට පත්ව ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය පවසනවා.

මෙසේ මරණයට පත්වි ඇත්තේ කිවුල තරුණ ව්‍යාපාරයෙ පදිංචි 66 හැවිරිදි අයෙක්.

අක්කර පහකට ආසන්න ඉඩමක වගා කටයුතු කර ඇති මෙම තැනැත්තා එම ඉඩම තුළ වු අක්කර කාලකට ආසන්න ප්‍රමාණයක වගාකර තිබු එළවළු ඇතුළු දෑ ආරක්ෂා කර ගැනිම සදහා නිවසේ සිට අදින ලද විදුලි රැහැනක පැටලිමෙන් මරණයට පත්වි ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඉත්තෑවන් ඇතුළු වන සතුන්ගෙන් දිගින් දිගටම වගාවට සිදුවන හානිය ඉවසා ගත නොහැකිව ඉතා අකමැත්තෙන් මෙම විදුලි රැහැන යොදා තිබු බවත් එය අලුයම ඉවත් කිරීමට අමතක වීමෙන් පසු ඒ හරහා ගමන් කරමින් සිටියදී එකවර විදුලි සැර වැදි ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවිමට මුහුණ පෑ තැනැත්තා තම බිරිද සමඟ අලුත් අවුරුද්දට අවශ්‍ය කළමනා රැගෙන ඒමට මදුරන්කුලියට යාමට සුදානම් වි එය මදකට ප්‍රමාද කර ඉඩමේ වැඩක නිරතව සිටියදීයි මෙසේ ඔහු යෙදු විදුලි රැහැනේ පැටලි ඇත්තේ.

සිද්ධිය සම්බන්ධව විමර්ශණ කටයුතු මහකුඹුක්කඩවල පොලිසිය සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?