AFC Banner
Empty Ad
Empty Ad

ගංජා වැවූ හා නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනය කර අලෙවි කළ අයෙක් අත්අඩංගුවට (ඡායාරූප)

අනුරාධපුර ගලෙන්බිදුණුවැව කොකාවැව පොලිස් වසමේ කාලයක සිට ගංජා වැවීම හා නිතිවිරෝධි මත්පැන් නිෂ්පාදනය කර ප්‍රදේශයේ අලෙවි කරන බවට කොකාවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයාගේ විශේෂ බුද්ධි නිළධාරින්ට ලැබුණු තොරතුරකට අනුව කොකාවැව පොලිස් ස්ථානයේ නිළධාරින් පිරිසක් ගලෙන්බිඳුණුවැව කොකාවැව නිවසක ගෙවත්තක සිදුකල වැටලීමකින් ගංජා හා නිතිවිරොධි මත්පැන් සොයා ගෙන තිබෙනවා.

පොලිස් නිළදාරීන් පිරිස සිදුකළ වැටලීමකදී ගලෙන්බිඳුණුවැව කොකාවැව ප්‍රදේශයේ නිවසක ගෙවත්තේ වගාකළ තිබූ අඩි හයක සහ අඩි තුනහමාරක පැළ 3 ක් ද ඇතුළුව ගංජා පැළ 12 ක් මෙන්ම බැරලයක දමා තිබු ගෝඩා 45000 ML හා නිතිවිරෝධිව මත්පැන් නිෂ්පාදනයට යොදා ගනු ලැබු තඹ දන්ගරයක්ද සමඟ සැකකාර පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව කොකාවැව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලෙන්බිඳුණුවැව කොකාවැව ගැටලාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක පුද්ගලයෙක් බවත් සැකකරු ප්‍රදේශයේ දේවාලයක් සිදුකරගෙන මුවාවෙන් මෙම ජාවාරම සිදුකර ඇති බව මුලික පරික්ෂණ වලින් තහවුරුව ඇති බව කොකාවැව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අද (11) දින කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොකාවැව පොලිස් ස්ථානය විසින් සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?