2024 ඇයවැය ලබන මාසයේ පාර්ලිමේන්තුවට

2024 වර්ෂයට අදාළ ඇයවැය ලබන මස දෙවැනි සතියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අද (26) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ, අනුව අයවැය දෙවැනි වර කියවීමේ විවාදය නොවම්බර් 14 සිට 21 දක්වා පැවැත්වෙන අතර 21 වනදා පස්වරුවේ දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

නොවැම්බර් 22 වනදා ආරම්භවන කාරක සභා අවස්ථා විවාදය දෙසැම්බර් මස 13 දක්වා පැවැත්වෙනවා.

තුන්වන වර ඡන්ද විමසීම එදින සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අයවැය සම්මත කර ගැනීමෙන් අනතුරුව ඊට කථානායකවරයාගේ අනුමැතිය සහිතව දෙසැම්බර් 27 වන විට නීතියක් බවට පත් කිරීමට නියමිතයි.

දෙසැම්බර් 31 වැනිදායින් පසු රජයේ වියදම් සඳහා මුදල් වෙන් කිරීම සිදුවන්නේ නව අයවැය මඟින්.

මෙවර අයවැය මගින් සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සුබ සාධන වියදම් කෙරෙහි රජයේ වැඩි අවධානයක් යොමුව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

මෙම වසරේ දී රුපියල් බිලියන 65ක් පමණ වූ සුබසාධන විදයම රුපියල් 185 පමණ දක්වා ඉහළ ගොස් ඇති බව ද කියා සිටියා.

මේ අතර 2024 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද හිමි වුණා.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් එම යෝජනාව අමාත්‍යමණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48