119 ගැන පොලීසියෙන් දැනුවත් කිරීමක්

හදිසි අවශ්‍යතා දැනුම්දීම සඳහා පමණක් 119 පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංකය අමතන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ,  එම දුරකථන අංකයට ලැබෙන ඇමතුම්වලින් සියයට 93ක් හදිසි අවශ්‍යතා මත පදනම් නොවූ ඇමතුම් බවට අනාවරණය වී ඇති බවය.

මේ හේතුවෙන් හදිසි අවශ්‍යතා මත අදාළ අංකය අමතන ජනතාවට එම අවස්ථාව අහිමි වී යාමේ තත්ත්වයක් පවතින බව ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

අදාළ දුරකථන අංකයට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් සිදුකළ විශ්ලේෂණයකදී මේ බව අනාවරණය වී තිබේ.

විශේෂයෙන්ම අදාළ දුරකථන අංකය ඇමතිය යුත්තේ හදිසි ආපදාවක් අනතුරක් හෝ අපරාධයක් පිළිබඳ දැනුම්දීමට බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

පසුගිය වසරේදී 119 දුරකථන අංකයට ඇමතුම් 1,2 32,272ක් ලැබී ඇති අතර එය දිනකට ඇමතුම් 3,300ක් බව පොලිස් මාධ්‍ය  ප්‍රකාශකවරයා පවසයි.

මේ හේතුවෙන් දිනකට ඇමතුම් 8,000කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධ කරගත නොහැකි බවට ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

එමෙන්ම 119 පොලිස් හදිසි දුරකථන අංකයට ඇමතුම් ලබා දී ව්‍යාජ තොරතුරු ලබාදෙන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කෙසේවෙතත් පොලිස් හදිසි ඇමතුම් අංකය ට ඇමතුමක් ලබා දී අසත්‍ය තොරතුරු ලබා දුන් කාන්තාවන් දෙදෙනෙකු පසුගිය දා අත්අඩංගුවට පත්විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38