හයිලෙවල් මාර්ගයේ අද රාත්‍රියේ විශේෂ රථවාහන සැලැස්මක්

වෙසක් උත්සවයට සමගාමීව නුගේගොඩ සිරිධම්මාරාම විහාරස්ථානයේ පෙරහැර හේතුවෙන් මිරිහාන පොලිස්වසම තුළ අද රාත්‍රී 7:00 සිට මධ්‍යම රාත්‍රී 12:00 දක්වා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

ඒ,අනුව රාත්‍රී 7.00 සිට රාත්‍රී 10.00 දක්වා හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ගුවන් පාලම අසල සිට ගම්සභා හන්දිය දක්වා කොළඹින් පිටවීමට සහ කොළඹට ඇතුළු වීමට එක් මන්තීරුවක් පමණක් විවෘතව ඇති බවයි පොලිසිය පවසන්නේ.

එමෙන්ම රාත්‍රී 8.00 සිට රාත්‍රී 11.00 දක්වා ගම්සභා හන්දියේ සිට කට්ටිය හන්දිය දක්වා මාර්ගය තාවකාලිකය වසා දැමෙන අතර, රාත්‍රී 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00දක්වා පරණ කැස්බෑව මාර්ගය නුගේගොඩ, නාවල වටරවුම සිට දෙල්කඳ හන්දිය දක්වා ද තාවකාලිකව වසා දැමෙන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.

පෙරහර ගමන් කරන කාලසීමාව තුළ තාවකාලිකව මාර්ගය වසා තැබීම හේතුවෙන් එම මාර්ග භාවිතා කිරීමට අපේක්ෂා කරනු ලබන රියැදුරන් හා මහජනතාවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42