බුදුදහමට උත්තරීතර තැනක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති නිසා එය රැක ගැනීම රජයේ වගකීම බවත්, එහෙත් අද මහා සංඝරත්නයට ප්‍රහාර එල්ල කරන තැනට රජය පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.
ලුණුගම්වෙහෙර වම්ඉවුර ජයගම බල ප්‍රදේශයේ ජන සවි ගම්මානවල ජනතාව මුහුණ දෙන අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේදී, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විපක්ෂ නායකවරයා, පසුගිය දිනවල ගරුතර මහා සංඝරත්නයට මේ රජය සලකපු ආකාරය මාධ්‍ය තුළින් දැක්ක බවත් පොලිසිය ආරක්ෂක අංශ තමන්ගේ රාජකාරිය ක්‍රියාත්මක කළ යුතු ශිෂ්ටසම්පන්න විනයානුකූල ක්‍රමවේදයක් ඇති බවත් එය අවබෝධ කර ගෙන චීවරයට ගරු කළ යුතු බවත් මේ චීවරය රැක ගත යුතු බවත් බුදුදහමට උත්තරීතර තැනක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති නිසා එය රැක ගැනීම රජයේ වගකීම බවත් ඊට අමතරව සෙසු ආගම් සංස්කෘතීන්ට නිසි ආරක්ෂාව රැකවරණය ශක්තිය ලබා දිය යුතු බවත් රණසිංහ ප්‍රේමදාස ගෙන් පසු බුදුදහමට ලැබුණු ප්‍රමුඛස්ථානය කඩා වැටි ඇති බවත් අද මහා සංඝරත්නයට ප්‍රහාර එල්ල කරන තැනට රජය පත්ව ඇති බවත් ප්‍රකාශ කරනවා.
ඒ වගේම පීඩනයෙන් සිටින ජනතාව නැගී සිටී කියන බයෙන් රජය මර්දන අණපනත් ගෙන එන බවටත් ඔහු පෙන්වා දෙනවා.
අලි මිනිස් ගැටුම සහ අස්වැන්නට නිසි මිලක් නොමැති නිසා කළකිරීමට පත්ව සිටින ජනතාව රජයට එරෙහිව පෙළ ගැසේවි කියා බියෙන් රජය සහ ජනාධිපතිවරයා විසින් ජනතාව පාලනය කරන්න විවිධ අණපනත් ගෙන එන බවත් රාජ්‍යයට විරුද්ධ ත්‍රස්තවාදය වැළැක්වීම යැයි කියමින් රාජ්‍යයට විරුද්ධව රටේ ජනතාව නැගිටීම පාලනය කරන්න අණපනත් ගෙන එන බවත් රජය සහ ජනාධිපතිවරයා දුන් පොරොන්දු ඉටු නොවීම නිසා මතුව ඇති පීඩනය අසහනය තැතිගැන්ම නිසා ජනතාව දුෂ්කර ජීවිතයක් ගත කරන නිසා ජනතාව නැගී සිටින බවත් මේ ජනතාවගේ මූලික හා මානව අයිතිවාසිකම් මර්දනය කර ප්රජාතන්ත්රන්තවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කර උද්ඝෝෂණය පවා කළ නොහැකි අණපනත් දෙකක් ගෙන එන්න රජය සූදානම් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.
සංවිධානාත්මක අපරාධ වැළැක්විමේ පනත යැයි පනතක් ගෙනවිත් ජනතාව පීඩාවට පත් කරන්න උත්සාහ කරන බවත් ඇත්තටම රජය සංවිධානාත්මකව ජනතාවගේ ජන ජිවිත විනාශ කරන බවත් බොරුව රැවටිල්ල, ඇන්දවිල්ල තුළින් ජනතාව අනාථ කරන සංවිධානාත්මක අපරාධ කරන්නේ රජය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නා.
අද අස්වැන්න සඳහා නිසි මිලක් නොලැබෙන බවත් අද වන විට මුංඇට වගාව අසාර්ථක වී ඇති බවත් එක් පැත්තකින් අලි මිනිස් ගැටුමත් අනික් පැත්තෙන් ආණ්ඩුවේ දුර්දාන්ත කෘෂිකර්ම ප්රතිපත්තියත් නිසා ජනතාව මහපාරට බහින එක නවත්වන්න මර්දනකාරී අණපනත් ගෙන එන්න කටයුතු කරන බවත් විපක්ෂයේ විවේචනය හමුවේ රජය දැන් පනත්වල වගන්ති හකුලා ගන්න හැදුවත් මේ පනත්වලට විරුද්ධව නැගී සිටින බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරනවා.
අප රටේ බලප්‍රදේශ ගණනාවක විශේෂයෙන් වන අලි ගහණය වැඩි බල ප්‍රදේශ හා කෘෂිකාර්මික කටයුතු සිදුවන ප්‍රදේශවල වන අලි මිනිස් ගැටුම බහුලව පවතින බවත් මේ අලි මිනිස් ගැටුම විසදීමට සෘජු රාජ්‍ය මැදිහත්වීම අවශ්‍ය බවත්, පසුගිය ජනාධිපතිවරණය හා මහමැතිවරණයේ දී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්රමුඛ කණ්ඩායම් ගම්වලට ගොස් අලි මිනිස් ගැටුමට විසදුම් දෙනවා කියා බලයට පැමිණි පසු තුවක්කු බෙදා සතා සිව්පාවාට වෙඩි තියන්න කියන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.
මේ අලි මිනිස් ගැටුම අවම කිරීමට පොඩි මුදලක් ආයෝජනය කරමින් රක්ෂිත හරහා විදුලි වැට ඉදි කිරීම තුළින් තාවකාලිකව හෝ අලි මිනිස් ගැටුමට විසදුම් ලැබෙන බවත් ජනතාවගේ අස්වැන්නට ආදායමක්වත් නොමැති අවස්ථාවක අලි මිනිස් ගැටුම ගැන සොයා බලන්න රජයේ ඇමතිවරුන් හෝ මන්ත්‍රීවරුන් පැමිණ නැති බවත් ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සංවර්ධන කමිටුව පවා අලි වැට ගහන්න අනුමත කර ඇති මුත් එය කර නොමැති බවත් එයට හේතුව දැන ගැනීමට අවශ්‍ය බවත් එක පෑන් පහරින් අලි මිනිස් ගැටුමට විසඳුම් දෙනවා කිව්වත් අද එය ක්‍රියාත්මක නොවන බවත් අද වන විට අලි මිනිස් ගැටුම ගැන සොයන්න වනජිවී ඇමති හෝ ප්‍රදේශයේ ඇමතිවරු මන්ත්‍රිවරු පවා නොපැමිණෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පෙන්වා දෙනවා.
දැන්වත් අලි මිනිස් ගැටුමට අගනුවර සිට විසදුම් නොසොයා ගම්වලට ගොස් ජනතාව හමුවී ඔවුන්ගේ ගැටලු සොයා බලන ලෙසත් දැන්වත් මේ විදුලි වැට ක්‍රියාත්මක කිරීම රජයේ වගකීම බවත් ගොවියා දෙවියා යැයි මැතිවරණ සමයේ හැඳින්වුවත් අද ගොවියා කසිප්පුකාරයා වී ඇති බවත් මෙවැනි ශිෂ්ටසම්පන්න නොවන පහත් හැසිරීමක් රජයෙන් අපේක්ෂා කළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා චෝදනා කරනවා.
පුනරුදය තුළින් මාස 6න් කොළඹ සුරපුරයක් බවට පත් කරනවා යැයි මාලිමාව බලයට පැමිණියත් එක වැස්සෙන් තාවකාලික අපායක් නිර්මාණය වූ බවත් මේ නිසා දේපල හානි, ජීවනෝපායන්ට පවා හානි සිදු වූ බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍රකාශ කරනවා.
