නුවරඑළිය මාගස්තොට ප්‍රදේශයේ සංචාරක කබානාවක් තුල තරුණියක් ඝාතනය කර ඇති බව නුවරඑළිය පොලිසිය ප්‍රකාශ කරනවා.
අම්පාර ප්‍රදේශයේ පදිංචි පියුමි දිල්ශානි නැමති 27 හැවිරිදි තරුණියක් මෙසේ ඝාතනයට ලක් වී තිබෙනවා.
නුවරඑළිය තෙරිපැහැ ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සිය පෙම්වතා සමඟ අදාල තරුණිය ඉකුත් 07 දින එම කබානාවට පැමිණ මුදල් ගෙවා කබානාව වෙන් කර ගෙන නවාතැන් ගෙන ඇති බවට වාර්තාවෙනවා.
අද (10) දින උදෑසන තරුණිය කබානාව තුල තුවාල සහිතව වැටී සිටිනු දුටු එම කබානාවේ අයිතිකරු විසින් නුවරඑළිය පොලිසිය වෙත කල දැනුම්දිමක් මත සිරුර සොයාගෙන තිබෙනවා.
පෙම්වතා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත්, සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ෂණ ආරම්භ කර ඇති බවත් පොලීසිය ප්‍රකාශ කරනවා.
සිරුර සම්බන්ධයෙන් නුවරඑළිය මහේස්ත්රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත සිරුර යොමු කිරීමට කටයුතු කරන බවටත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවටත් පොලිසිය සඳහන් කරනවා.
