මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙතින් සේවාවන් ලබා ගැනීමට පැමිණෙන සේවාලාභීන්ගේ පහසුව උදෙසා එක්දින සේවාවන් ලබා ගැනීමට වෙලාවන් වෙන්කරවා ගැනීමේ (Appointments) පහසුකම් මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ මෙන්ම දුරකථන මාර්ගයෙන් ද දැනටමත් සලසා දී තිබෙනවා.
එසේම, සාමාන්‍ය වාහන අයිතිය පැවරීමේ ලිපි ලේඛන (Vehicle Transfer Documents) භාරදීම සඳහා නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයට අමතරව දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ද පහසුකම් සලසා තිබෙන බවට දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
කෙසේ වෙතත්, ඉහත සඳහන් නිල ක්‍රමවේදයන් අනුගමනය නොකොට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රය ඉදිරිපිට රැස්වීම තුළින් සේවාලාභීන් නොමඟ යවන තැරැව්කරුවන්ට හසුවීමේ දැඩි අවදානමක් පවතින බව නිරීක්ෂණය තිබෙනවා.
එබැවින්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් යම් සේවාවක් ලබා ගැනීමට පැයි ගණන සැම අවස්ථාවකම, දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති නිල ක්‍රමවේදයන් පමණක් අනුගමනය කරන ලෙසත්, දෙපාර්තමේන්තුවේ බලයලත් නිලධාරියෙකු පමණක් සෘජුව හමු වී උපදෙස් ලබාගන්නා ලෙසත්,මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.
දෙපාර්තමේන්තු පරිශ්‍රය අසල රැඳී සිටින කිසිදු තැරැව්කරුවෙකු සමඟ ගනුදෙනු කිරීමෙන් වළකින ලෙසත්, එසේ නොමැති වුවහොත් ඔබගේ වටිනා මුදල් මෙන්ම වැදගත් ලිපි ලේඛන ද අහිමි වීමේ අවදානමක් පවතින බවත් වැඩි දුරටත් නිවේදනය කරනවා.
