රිලවෙක් හේතුවෙන් බගවන්තලාවට විදුලිය විසන්ධිවෙයි

බගවන්තලාව ප්‍රදේශයට (10) දින පස්වරු 3:30 සිට විදුලි බලය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා.

නෝර්වුඩ් ප්‍රදේශයේ සිට දුරකථන රැහැන් දිගේ පැමිණෙන රිලවුන් බගවන්තලාව නගරය පුරා සැරිසරන අතර, එසේ පැමිනි රිලවෙක් අද දින (10) බගවන්තලාව නගරයේ පිහිටි අධි බලැති විදුලි ට්‍රාන්ස්ෆෝමරයේ නැග සිටියදී රිලවාට විදුලි සැර වැදී තිබුණා.

එම සිදුවීමෙන් අදාල රිලවා මිය යෑමත් සමඟ ප්‍රදේශය පුරා විදුලිය ඇනහිට තිබෙනවා.