2026 වසරේ අවසන් කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කිරීම අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා.
2026 නොවැම්බර් 9 වන දින ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) විසින් ඉදිරිපත් කරන ලද පිරිවැය දත්ත සමාලෝචනය කිරීමේදී, පසුගිය කාර්තුව තුළ විදුලිය සැපයීමේ පිරිවැය 2.88% කින් ඉහළ ගොස් ඇති බව කොමිෂන් සභාව නිරීක්ෂණය කළා.
කෙසේ වෙතත්, මෙම නවතම දත්ත සහ මහජන උපදේශන ක්‍රියාවලිය තුළින් ලැබුණු ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින්, වසරේ ඉතිරි කාලය සඳහා තුන්වන කාර්තුවේ පැවති ගාස්තු ක්රමයම එලෙසම පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.
අද (10) ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිකුත්කළ නිවේදනයක මේ බව සඳහන් වෙනවා.
