සිසුවියගේ රුවට ලොල් වී ගුරුවරයෙකු කල ලොවක් නුහුලන අපරාධය

පාසල් සිසුවියක පැහැරගත් ගුරුවරයෙකු පිළිබඳ පුවතක් යක්කලමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙය සිදු වී ඇත්තේ ඊයේ (25) පස්වරුවේ යි.

සිසුවිය පැහැරගැනීමට රූපලාවන්‍ය ශිල්පිණියක් සහ තවත් දෙදෙනෙකු ද අනුබල දී ඇති බව යක්කලමුල්ල පොලීසිය සඳහන් කළා.

සිද්ධියට මුහුණ දුන් සිසුවිය 16 හැවිරිදි වියේ පසුවන්නියක්වන අතර පැහැරගත් බව කියන තැනැත්තා 24 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරයෙකු බව සඳහන්.

සිසුවියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඇයගේ දෙමාපියන් විසින් මෙම ගුරුවරයා සිය නිවසට ගෙන්වාගෙන තිබෙන අතර ඒ අනුව ගුරුවරයා විසින් අදාළ සිසුවියට නිවසේ දී උපකාරක පන්තියක් පවත්වා තිබෙනවා.

අනතුරුව මෙම ගුරුවරයාත් සිසුවියත් අතර ප්‍රේම සබඳතාවක් ගොඩ නැගී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් එම සබඳතාවට සිසුවියගේ දෙමාපියන් අකමැති වී ඇත්තේ තම දියණියට වඩා ගුරුවරයා බොහෝ සෙයින් වැඩිමහලු බව පවසමින්.

අනතුරුව එම ගුරුවරයා සිසුවිය පැහැරගෙන යාමට සිතා ඇති අතර මේවන විට අනාවරණය වී ඇත්තේ සති 03ක් තිස්සේ ඒ සඳහා සැළසුම් කර ඇති බවයි.

සිය ෆේස්බුක් පිටුවෙහි පළ කිරීමට වීඩියෝවක් සැකසීමට අවැසි බවත්, ඒ සඳහා සහභාගී වීමට පැමිණෙන ලෙසටත් ඊයේ (25) මෙම ගුරුවරයා අදාළ සිසුවියට දුරකතන ඇමතුමක් දී පවසා තිබෙනවා.

සීතලදොළ ආරණය අසළ මෙම රූගත කිරීම සිදුකරන බවත්, ඒ සඳහා තවත් සිසුවියන් දෙදෙනෙකු ද සහභාගීවන බවත්, මේ සඳහා ප්‍රවාහන පහසුකම් ද සපයන බවත් ඔහු දැනුම් දී ඇති බව සඳහන්.

අනතුරුව ඔහු හඳුණන රූපලාවන්‍ය ශිල්පිණියකට දන්වා ඇත්තේ අදාළ දැරිය සහ අනෙක් දැරියන් දෙදෙනා රැගෙන එන ලෙසට යි.

ඒ අනුව දැරියන් තිදෙනා මෝටර් රථයක නංවා සැළසුම් කළ ප්‍රදේශයට යවා ඇති රූපලාවන්‍ය ශිල්පිණිය යතුරුපැදියක නැගී එම රථය පිටුපසින් පැමිණ ඇති බව පැවසෙනවා.

අදාළ ස්ථානයට දැරියන් රැගෙන ඒමෙන් අනතුරුව ත්‍රිරෝද රථයකින් ගුරුවරයා පැමිණ ඇති බවත් ඔහුගේ සහයට යතුරුපැදියක ද පුද්ගලයෙකු පැමිණ ඇති බවත් වාර්තාවනවා.

පසුව අදාළ ගුරුවරයා මෝටර් රථයේ සිටි දැරිය බලහත්කාරයෙන් පිටතට ගෙන ත්‍රිරෝද රියට නංවාගෙන පළා යාමට යි කටයුතු කර ඇත්තේ.

පැහැරගැනීම සිදුවන අවස්ථාවේත් පැහැරගෙන යන අවස්ථාවේත් දැරිය කෑගසමින් උදව් ඉල්ලා ඇති අතර ත්‍රිරෝද රිය අකුලහේන ප්‍රදේශයෙන් ගමන් කරමින් තිබිය දී මෙම සිදුවීම යතුරුපැදිකරුවෙකු විසින් දැක තිබෙන බව වාර්තා වනවා.

දැරියගේ කෑගැසීම ඇසීමෙන් මේ පිළිබඳව සැක සිතූ යතුරුපැදිකරු වහාම ත්‍රිරෝද රිය පසුපස ලුහුබැඳ ඇති අතර පසුව ඔහු විසින් ත්‍රිරෝද රිය නවත්වාගෙන අදාළ ගුරුවරයාට පහර දී දැරිය බේරාගෙන ඇති බව යි පැවසෙන්නේ.

පහර කෑමට ලක් වූ ගුරුවරයා මේවන විට ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම පැහැරගැනීමට අනුබල දුන් රූපලාවන්‍ය ශිල්පිනිය ද අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිය පැහැරගෙන රැගෙන ගිය ත්‍රිරෝද රථයේ රියදුරු සහ ගුරුවරයාගේ සහයට පැමිණි යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55