මෙරට IMF මෙහෙයුම් ප්‍රධානියා සහ දිලිත් ජයවීර අතර හමුවක්

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී ඉවන් පපාජෝර්ජියෝ සහ සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී, දිලිත් ජයවීර හමුවක් සිදුවුණා.

ඒ සර්වජන බලය පක්ෂ කාර්යාලයේදී යි.

එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඉදිරි අභියෝග සහ ශක්තිමත්, ප්‍රතිරෝධී ආර්ථිකයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.